Tuesday, January 26, 2010

අපි ගැන මතකද?




සීතල හිමිදිරියේ ඉදන් හවස් වෙනක්ම්
මගේ අතේ වෙලිලා
අපි පියනගපු
ඒ මාවත් ඔබට මතකද?...

පැය ගානක් අපි කතා කරපු
අපි, අපි ගැනම මවපු හීන
ඒවා බොලඳයි තමයි
ඒත් ඒව ඔබට මතකද?...

අපි දෙන්නට දෙන්නා නැතිව
කතා නොකර ඉන්න
දකින්න බැරිව හිටිය
ඒ කාලය ඔබට මතකද?...

ඒ ඔක්කොම මතක ඔබට
අපි ගැන අමතක උනේ කොහොමද?...

නිමක් නැති ආදරේ.....


අදහගන්න බැරි
කියාගන්න බැරි
හිතා ගන්න බැරි
ඔබ වගේ, නිමක් නැති ආදරේ....